ඉන්ධන කෝටාව ඉහළ යයිද
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
20

ඉන්ධන කෝටාව ඉහළ යයිද

ඉන්ධන කෝටාව ඉහළ යයිද

ඉදිරි මාස 6 සඳහා ඉන්ධන භාණ්ඩ ප්‍රවාහන සැලැස්ම සහ සැපයුම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සමඟ සමාලෝචනය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 

එහිදී ඉන්ධන ආනයන සැලසුම්, පිරිපහදු මෙහෙයුම්, පිරිපහදු වැඩිදියුණු කිරීමේ යෝජනා, කිව්.ආර්. කෝටා, ගබඩා ධාරිතාව, තොග ස්වයංක්‍රීයකරණය, ඉන්ධන පිරවුම්හල් සමඟ ගිවිසුම් සහ බෙදා හැරීම සමාලෝචනය කර සාකච්ඡා කර තිබේ.

 

ලබන මාසයේ ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළ දමන බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් පවසයි. 

views

233 Views

Comments

arrow-up