මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති පුටුවට පේරාදෙණි මහාචාර්යවරයෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති පුටුවට පේරාදෙණි මහාචාර්යවරයෙක්

මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති පුටුවට පේරාදෙණි මහාචාර්යවරයෙක්

මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති ධුරය සඳහා යෝජනා වූ මහාචාර්ය මංජුල ප්‍රනාන්දු හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

 

 

හෙතෙම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු පීඨයේ  මහාචාර්යවරයෙකු වන අතර ඔහු නව තනතුරේ රාජකාරි අද 23 වැනි දින ආරම්භ කළේය.

 

 

මීට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනක රත්නායක  පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් ඉවත් කෙරුණි.ඒ ඔහු සම්බන්ධයෙන් පැවැති මතභේදාත්මක තත්ත්වයක් පදනම් කර ගනිමිනි.

 

 

කෙසේ නමුත් ජූලි 01වැනිදා සිදුකිරීමට නියමිත විදුලිය ගාස්තු සංශෝධනය පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා මේ සදහා සභාපතිවරයෙකු අවශ්‍ය බව එම  කොමිසමේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වී තිබු අතර මෙම පසුබිම තුළ මෙලෙස නව සභාපතිවරයා හට අනුමැතිය හිමිව ඇත.

views

295 Views

Comments

arrow-up