යුද හමුදා ට්‍රැක්ටරයක් පෙරැළී හත් දෙනෙකු රෝහලේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

යුද හමුදා ට්‍රැක්ටරයක් පෙරැළී හත් දෙනෙකු රෝහලේ

යුද හමුදා ට්‍රැක්ටරයක් පෙරැළී හත් දෙනෙකු රෝහලේ

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය අසල සුභ සාධක කටයුතු වල යෙදී සිටි හමුදා ට්‍රැක්ටරයක් අද (16) පෙරවරුවේ පෙරලී යාමෙන් එහි ගමන් ගත් හමුදා නිළධාරීන් හත් දෙනෙකු තුවාල ලබා කතරගම දිසා රෝහල වෙත ඇතුලත් කර තිබේ.

 

ඉන් හතර දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යවා ඇති අතර මෙම භට පිරිස සෙල්ලකතරගම යුද හමුදා කඳවුරේ සිංහ රෙජිමේන්තුවට අයත් පිරිසක් බව පොලිසිය පවසයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිස් රථ වාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

306 Views

Comments

arrow-up