පරිගණක අපරාධ සීඝ්‍රයෙන් ඉහළට

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසන්නේ පරිගණක අපරාධ සම්බන්ධයෙන් මේ වසරේ පුද්ගලයින් 75ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ මූල්‍ය වංචා කිරීමේ සිදුවීම් 108ක් සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා වන බව එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.පී. ජයනෙත්සිරි මහතා අද (16) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
මේ වනවිට රට තුළ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වෙළෙඳ දැන්වීම්වලින් ජනතාව රවටා මූල්‍ය වංචා කිරීමේ සිද්ධි සුලභව අසන්නට ලැබේ.
2023 දී පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට වාර්තා වී ඇති එවැනි සිදුවීම් සංඛ්‍යාව 108කි.
අද පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු හෙළිකෙරුණි.
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසන්නේ සයිබර් අපරාධ සම්බන්ධයෙන් ගතවු වසර දෙකහමාරක කාලය තුළ පැමිණිලි 9,000කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවයි.
වැඩිම පැමිණිලි සංඛ්‍යාව ලැබී ඇත්තේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට වසා දැමු සමයේ බව එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී පුෂ්පමාල් ජයනෙත්සිරි මහතා පැවසුවේය.
ඒ අනුව 2021 වසරේ සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 4,688ක් ලැබී ඇත. 2022 වසරේ පැමිණිලි 3,168ක් ලැබී ඇති බව වාර්තා වෙයි.
පැමිණිලි 1,187ක් මේ වසරේ ගතවු කාලසීමාව තුළ ලැබී ඇති අතර ඊට අදාළව සිදුකළ විමර්ශනවලදී පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සහකාර පොලිස් අධිකාරී ජයනෙත්සිරි මහතා පැවසුවේය.
465 Views
Comments