බාල නිර්වින්දන එන්නතක් නිසා විදුහල්පතිනියක් මරුට

ප්‍රමිතියෙන් තොර බාල නිර්වින්දන එන්නතක් ලබාදීමෙන් පසුව අසාධ්‍යව පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි විදුහල්පතිනියක් අද (16) මිය ගොස් තිබේ.
හර්නියා රෝගී තත්වයක් නිසා ඉකුත් අප්‍රේල් මාසයේ රෝහල් ගත කළ එම විදුහල්පතිනිය සැත්කමට භාජනය කිරීමට පෙර ලබාදී ඇති එන්නත මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් භාවිතය තහනම් කර තිබෙන බවත් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පැවසීය.
ඉකුත් අප්‍රේල් මාසයේදී දරු ප්‍රසූතිය සඳහා ඇතුළත් වූ කාන්තාවන්ටත් ලබා දී තිබුණේ එම නිර්වින්දන එන්නත බවද රෝහලේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
237 Views
Comments