සන්ක්වීක් වෙරළ වොලිබෝල් තරගාවලියේ වැඩි ගෞරවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

මීගමු වෙරළට දීප්තිය කැඳ වූ සන්ක්වීක් වෙරළ වොලිබෝල් තරගාවලියේ වැඩි ගෞරවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හිමි කර දෙමින් විවෘත කාන්තා සහ පිරිමි ශූරතා ද්විත්වයම දිනා ගන්නට ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් විය.
එසේම බිටුලින්ක් ක්‍රීඩිකාවන් වයස් කාණ්ඩ අතර තරගවලදී කාන්තා අංශයේ ශූරතා දෙකක් සහ අනු ශූරතා දිනා ගනිමින් සිය කණ්ඩායමේ අනාගත වැදගත්කම ගැන පැහැදිළි කළේය.
පිරිමි තරග අංශයේ ගුවන් හමුදා ඒ කණ්ඩායම සමඟ අවසන් තරගයට පිවිස අනු ශූරතාව දිනා ගත්තේ ශ්‍රී ලංකා යුද හමුදා ඒ කණ්ඩායමයි.
කාන්තා අවසන් තරගයේදී ශූරතාවය ගුවන් හමුදා ඒ කණ්ඩායමට හිමි වූ අතර ඔවුන් අතින් පරාජයට පත් වූයේ නාවික හමුදා ඒ කණ්ඩායමයි.
හුංගම විජයබා කණ්ඩායමේ සඳරුවන් හා නිර්මාල් අවුරුදු 22 න් පහළ පිරිමි අංශයේ ශූරතාවය දිනා ගන්නට සමත් වූයේය.
නිමේෂ් සහ සඳුන් නිගම්ඹු යූත් කණ්ඩායම නියෝජනය කළ අතර ඔවුන් අනුශූරතාව දිනා ගත්හය.
එම වයස් කාණ්ඩයේ කාන්තා ශූරතාවය මහමේරුව ලෙෂර් කණ්ඩායමට දිනා දෙන්නට ශෂිනි සහ නිපුනි සමත් වූහ.
නෙත්මි සහ තිවානි එක්ව එම අනු සූරතාවය බිටුලින්ක් බී කණ්ඩායමට දිනා දුන්හ.
284 Views
Comments