ජුලි පළමු වැනිදා සිට විදුලිය වැඩි වෙයිද අඩු වෙයිද!

ජුලි මස 1 වන දින සිදු කළ යුතු විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව විදුලිබල මණ්ඩලය විසින් සකස් කරනු ලැබූ විදුලි ගාස්තු යෝජනාව අද පස්වරුවේ මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දී තිබේ.
රජයේ ප්‍රතිපත්ති තීරණ සහ විදුලි ගාස්තු සංශෝධන යෝජනා ඉදිරිපත් කළ යුතු ක්‍රියාවලිය අනුගමනය කරමින් සෑම වර්ෂයකම දෙවතාවක්, ජනවාරි 1 වනදා සහ ජුලි මස 1 වනදා සිදු කළ යුතු විදුලි ගාස්තු සංශෝධනයට අනුකුලව එය සිදු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
විදුලිබල මණ්ඩලය විසින් එම යෝජනාව සකස් කිරීමේදී සත්‍ය විදුලිය ජනන දත්ත සහ විදුලිය විකුණුම් දත්ත, සත්‍ය ඉන්ධන, ගල් අඟුරු සහ අනෙකුත් අමු ද්‍රව්‍ය මිල ගණන්, 2023 විදුලි ජනන සැලසුම සහ විදුලි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී එහි උපරිම ප්‍රතිලාභය, විදුලිය අඩු වශයෙන් භාවිතා කරන පාරිභෝගිකයන් වෙත ලබා දීම අරමුණු කර ගෙන එම යෝජනාව සකස් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.
228 Views
Comments