ආර්ථිකයත් සමඟ පී.බී යන්න යයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
27

ආර්ථිකයත් සමඟ පී.බී යන්න යයි

ආර්ථිකයත් සමඟ පී.බී යන්න යයි

එලබෙන දෙසැම්බර් 31 දා සිට තමන් දරණ තනතුරින් ඉල්ලා අස්වීමට අවසර දෙන්න යැයි ඉල්ලමින් පී. බී ජයසුන්දර වර්තමාන ජනාධිපති ලේකම්වරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවා ඇතැයි ජනාධිපති ලේකම් කාර්‍යාල ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටී.

 

 

අමාත්‍ය විමල් වීරවංශ මහතා පී බී ජයසුන්දරව වරක් හැඳින්වූවේ ‘ආර්ථික ඝාතකයා’ ලෙසය. මෙවැනි දැඩි විරෝධතා හමුවේ වර්තමාන ජනාධිපතිවරයාගේ ලේකම් බවට පත්වූ පී බී ජයසුන්දර ලංකාවේ මහා භාණ්ඩාගාරය දීර්ඝම කාලයක් හැසිරවූ පුද්ගලයාද වෙයි. බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන්නේ ලංකාව තුළ වර්තමානයේ උද්ගත ආර්ථික අර්බූදයට ප්‍රධානම හේතුව පීබීගේ ආර්ථික උපාය මාර්ග බවයි.

 

 

පසුගිය දා අමාත්‍ය චමල් රාජපක්ෂ, ජනාධිපතිවරයා ඉදිරියේම පීබීට බැනවැදුන බව මාධ්‍ය වාර්ථා කළේය. මේ සියලු දේවල් හේතුකරගෙන මෙම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකරන්නට ඇතැයි වාර්තා වේ

views

1296 Views

Comments

arrow-up