සිරුරට ගිනි තබා ගන්නා කතුන්ගේ අරමුණ හෙළිවෙයි

සිරුරට ගිනි තබාගත් කාන්තාවන් විසි දෙනෛකු මේ වසර තුළ ජාතික රෝහලේදී ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරික්ෂක ඉරේෂා සමරවීර මහත්මිය සඳහන් කළාය.
මොවුන් අතරින් 19 දෙනෙකු අවුරුදු 20 - 30 අතර විවාහක කාන්තාවන් බවද ඇය පැවසුවාය.
ඔවුන් අතරින් 99% ක්ම සිරුරට ගිනි තබාගෙන ඇත්තේ ස්වාමි පුරුෂයා බිය ගැන්වීමට බවත් සියදිවි නසා ගන්නා අදහසක් ඔවුන් තුල තිබී නැති බවත් ඔවුන්ගේ මරණ පිළිබඳ කළ පශ්චාත් මරණ පරික්ෂණවලදී අනාවරණයවී ඇත බව කී සමරවීර මහත්මිය, මේ සියලුදෙනා ගිනි තබා ගත් මොහොතේ සිට බේරාගන්නැයි අන් අයගෙන් උදව් ඉල්ලා ඇති බවද අනාවරණය වූ බව සඳහන් කළාය.
50% ඉක්මවා පිලිස්සුම් තුවාල ඇති රෝගින් බේරාගැනීමේ අවදානමක් ඇති බවත්, මේ සියලු දෙනා මිය යන මොහොත තෙක් ඉතා හොඳ සිහි කල්පනාවෙන් සිට ඇති බවත් ඇය වැඩි දුරටත් කීවාය.
සාමාන්‍යයෙන් ශරීරයට ගිනි ඇවිළුණු පසු ගින්න නිවා දැමීම අපහසු වන්නේ සමට යටින් ඇති තෙල් තට්ටුව ගින්නට හොඳ උත්ප්‍රේරකයක් වන නිසා යැයි කී මරණ පරික්ෂකවරිය දර කැබැල්ලකට වඩා ඉක්මණින් ඇවිලෙන්නේ ඒ නිසා යැයිද පෙන්වා දුන්නාය.
මේ නිසා අනුන් බිය කිරීමේ අරමුණි්න් හෝ ගිනිතබා ගැනීමක් කිරීමට තබා සිතන්නටවත් සුදුසු නැතැයිද ඇය සඳහන් කළාය.
938 Views
Comments