කිරින්ද උණුසුම් කල බස් රථ ප්‍රහාරය

කිරින්ද ඕවිටිගමුව ප්‍රදේශයේ දී රිය අනතුරකින් පසු තිදරු පියෙකු මිය යාම නිසා පසුගිය (12) සවස ඇතිවු නොසන්සුන්කාරී තත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙන බව පොලීසිය පවසයි.
හක්මන - අකුරැස්ස මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බසයක හැපීමෙන් යතුරුපැදියක ගමන් කල 39 හැවිරිදි තිදරු පියෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතල තුවාල ලැබීය.
මෙම අනතුරත් සමග කලහකාරීව හැසිරුණු පිරිසක් බස් රථයට පහර දී දැඩි අලාභ හානී සිදු කර තිබුණේය.
අනතුරට සම්බන්ධ බසයේ රියදුරු පොලීසිය සැක පිට අත් අඩංගුවට ගෙන තිබුණි.
බසයට අලාභ හානී සිදු කල පිරිස ද අත් අඩංගුවට ගැනීම සදහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මෙම අනතුර හේතුවෙන් කිරින්ද ප්‍රදේශයේ සාමය ආරක්ෂා කර ගැනීම සදහා පොලිස් මාර්ග බාධක හා විශේෂ පොලිස් කණ්ඩායම් යෙදවීමට ද මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා මහතා කටයුතු කර තිබුණේය.
1008 Views
Comments