අයියාගේ පහරින් මල්ලී අවසන් ගමන් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
20

අයියාගේ පහරින් මල්ලී අවසන් ගමන් යයි

අයියාගේ පහරින් මල්ලී අවසන් ගමන් යයි

මාතලේ, පල්ලේපොල, පොල්වත්ත ප්‍රදේශයේ අද(20) සහෝදරයින් දෙදෙනෙකු සමඟ ඇතිවු ආරවුලක් දුරදිගයාමෙන් අයියා සිදුකළ පහරදිමකදි මල්ලි ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි මහවෙල පොලිසිය පවසයි.

 

මෙලෙස මරණයට පත්ව තිබෙන්නේ සැලගම, පොල්වත්ත ප්‍රදේශයේ පදිංචි සනත් ජයසිංහ නැමති 27 හැවිරිදි එක්දරු පියෙකි.

 

වැඩිමහල් සොහොයුරාගේ නිවසේදි මෙම ඝාතනය සිදුව ඇති අතර කාලයක් තිස්සේ දෙදෙනා අතර ආරවුල් පැවති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණයවී තිබේ.

 

වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මහෙස්ත්‍රාත් පරික්ෂණය පැවැත්විමට නියමිතව ඇත.

views

813 Views

Comments

arrow-up