DEC
20
අවන්හලේ ඇතිවූ ගුටි කෙළියෙන් යාපනය සරසවි සිසුන් පහකට බරපතලයි

යාපනය විශ්ව විද්‍යලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිසුන් පස් දෙනෙකු බරපතල තුවාල ලබා ඊයේ(19) රාත්‍රීයේ යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
යාපනය පන්නෙයි ප්‍රදේශයේ පිහිටි අවන්හලකදී විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම ප්‍රහාරය ආරම්භවී ඇත.
විශ්වවිද්‍යාල සිසුන් විසින් පහරදීම නිසා අවන්හලටද හානි සිදුවී ඇති අතර ප්‍රහාරය වැළැක්වීමට ගිය හෝටල් සේවකයින්ටද විශ්ව විද්‍යාල සිසුන් පහරදී තිබේ.
872 Views
Comments