DEC
20
තෙල් සංස්ථාව ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ඩොලර් ඉල්ලයි

ගුවන් යානා වෙනුවෙන් ඉන්ධන නිකුත් කිරීම සඳහා ඩොලර් ලබා දෙන්නැයි, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රීලංකන් ගුවන් සේවයට දැනුම් දී ඇත.
බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, මේ වනවිටත් ශ්‍රීලංකන් ගුවන් සේවය, ඉන්ධන සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් මිලියන 330 ක් ගෙවීමට ඇති බවය.
එහෙත්, පවතින තත්ත්වය මත, ඉදිරියේදී ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන වෙනුවෙන් හෝ ඩොලර් ලබා දෙන්නැයි, නිල වශයෙන් දැනුම් දී ඇතැයි අමාත්‍යාංශය සඳහන් කළේ ය.
829 Views
Comments