ටොනික් මූඩි වලින් සිදුකළ හෙරොයින් ජාවාරම
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

ටොනික් මූඩි වලින් සිදුකළ හෙරොයින් ජාවාරම

ටොනික් මූඩි වලින් සිදුකළ හෙරොයින් ජාවාරම

ටොනික් මූඩි උපයෝගී කරගනිමින් ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයෙක් හෙරොයින් ග්‍රෑම් පහයි මිලිග්රැම් විස්සක් සමඟ වරකාගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරු ගොඩපොර හේන ප්‍රදේශයේ පදිංචි අයෙකි.

 

සැකකරු හෙරොයින් ජාවාරමේ නිරත වන බවට වරකාගොඩ පොලීසියේ පොලිස් සැරයන්වරයෙකුට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු ඔහුගේ නිවසේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකරු ඉතා සූක්ෂම ලෙස ටොනික් පියන් දෙකට නමා ඒ තුළට රුපියල් දෙදහසේ හෙරොයින් මුලක් දමා මාර්ග වල නොයෙක් ස්ථානවල තබමින් ඊසි කෑෂ් ක්‍රමය ඔස්සේ මුදල් ලබාගෙන මෙම ජාවාරම සිදු කර ඇති අතර, මේ ක්‍රමය ඔස්සේ සැකකරු වරකාගොඩ, නෑබඩ, ඉද්දගොඩ, තෙබුවන, දොඩම්ගොඩ ආදී ප්‍රදේශවල හෙරොයින් බෙදාහැරීමේ කටයුතු කළ බවට පොලිසියට අනාවරණය වී ඇත.
 

views

293 Views

Comments

arrow-up