පොලිස් ජීප් රථයක් ප‍්‍රපාතයකට පෙරලේ

නොර්වුඩ් පොලිසියේ රාත්‍රි මුර සංචාරය සදහා යොදවා තිබු ජිප් රථය ඊයේ (06) රාත්‍රියේ ප්‍රපාතයකට පෙරලිමෙන් එම ජිප් රථයේ ගමන් ගත් පොලිස් නිලධාරින් තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
රාත්‍රි මුර සංචාරය සදහා යොදවා තිබු ජිප් රථය නොර්වුඩ් සෙන් ජොන් ටිලරි වත්ත ප්‍රදේශයේ සිට නොර්වුඩ් නිව්වැලි වත්ත ප්‍රදේශයේ අනවසර මැණික් ගැරිමක් වැටලිම සදහා ධාවනය කරමින් තිබු අවස්තාවේ ජිප් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇත.
අනතුරින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තිදෙනා වතු කම්කරුවන් පිරිසක් එක්ව රෝහල් ගත කර තිබේ.
අනතුරෙන් ජිප් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර, හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්.දෙහිගම මහතාගේ අධික්ෂණය යටතේ අනතුර සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇත.
286 Views
Comments