පානදුර මෝය කටෙන් නාඳුනන මළ සිරුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

පානදුර මෝය කටෙන් නාඳුනන මළ සිරුරක්

පානදුර මෝය කටෙන් නාඳුනන මළ සිරුරක්

පානදුර සාගර මාවතේ මෝය කට අසල දුම්රිය පාලම යට ගං ඉවුරේ තිබී නාඳුන මළ සිරුරක් හමුව තිබේ.

 

ඊයේ (30) උදෑසන අවුරුදු 50ක පමණ පිරිමි පුද්ගයෙකුගේ මළ සිරුරක් හමුව ඇති බවත් මියගිය තැනැත්තාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවත් පොලීසිය පවසයි.

 

මළ සිරුරේ දෙපා දණ හිසෙන් පහළ කොටස නොමැති අතර කොන්දේ තුනටිය අසල තුවාල වී අති බව වාර්තා වේ.

 

තවද එම පුද්ගලයාගේ කොණ්ඩය නොමැති අතර මෘත ශරීරය හඳුනාගත නොහැකි තරමට ඉදිමී ඇති බවත් සඳහන් වේ.

 

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පානදුර දකුණු පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
 

views

322 Views

Comments

arrow-up