MAY
24
පාසල් බෑග් සහ සපත්තු මිල පහළට

ජුලි මස 15වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල 10% කින් අඩු කිරීමට නිෂ්පාදකයින් එකඟතාවය පළ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
ඩොලරය අවප්‍රමාණය වීමට සාපේක්ෂව අමුද්‍රව්‍ය මිල පහළ යෑමේ වාසිය පාරිභෝගිකයින්ට ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම එකඟතාව පළ වු බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල රුපියල් 350ත් 450ත් අතර මිලකින් පහළ යනු ඇත.
250 Views
Comments