නිට්ටඹුව ඩිපෝවේ බස් රථ ධාවනය නවතී

නිට්ටඹුව බස් රථ නැවතුම් පොළේ වේලා සටහන්කරුට පහර දීමේ සිද්ධියක් හේතුවෙන් නිට්ටඹුව ඩිපෝවෙන් ධාවනය වන ලංගම බස් රථ අද (31) පෙරවරු 10.00 සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.
නිටිටඹුව නගරයේ පිහිටි ප්‍රධාන බස් නැවතුම්පොළෙහිදී ඊයේ (30) රාත්‍රියේ පුද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරු පිරිසක් වේලා සටහන්කරුට පහර දී තිබේ.
බස් නැවතුම්පොළෙහි ලංගම බස් රථ ගාල් කරනු ලබන ස්ථානයේ පුද්ගලික බස්රථ දෙකක් ගාල් කර තිබී ඇති අතර එම පුද්ගලික බස් රථ දෙක ඉවත් කරගන්නා ලෙස ප්‍රකාශ කළ අවස්ථාවේදී ඔවුන් වේලා සටහන්කරුට පහර දී තිබේ.
ප්‍රහාරයට ලක් වූ වේලා සටහන්කරු මේ වන විට වතුපිටිවල රෝහලට ඇතුලත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.
මෙම පහරදිමට සම්බන්ධ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා අද පෙරවරුවේ සිට නිටිටඹුව ඩිපෝවේ බස් රථ ධාවනයෙන් ඉවත්ව රියදුරුවරු හා කොන්දොස්තරවරු වර්ජනයක් ආරම්භ කර තිබේ.
298 Views
Comments