අද රෑ ඉන්ධන මිල සංශෝධනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

අද රෑ ඉන්ධන මිල සංශෝධනයක්

අද රෑ ඉන්ධන මිල සංශෝධනයක්

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ. මෙවර ද ඉන්ධන මිල පහළ දැමීමට වැඩි ඉඩකඩක් ඇති බව සදහන් වේ.

 

QR ක්‍රමවේදය හරහා මේවනවිට නිකුත් කරන ඉන්ධන කෝටාවද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.

 

ඒ අනුව යතුරුපැදි සඳහා මීට පෙර පැවති ලීටර් 7 කෝටාව, ලීටර් 14 දක්වා ඉහළ දමා ඇත.

 

ලියාපදිංචි ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 22ක් සහ අනෙකුත් ත්‍රීරෝද රථ සඳහා ලීටර් 14ක් ලෙස වැඩි කර තිබේ.

 

මෝටර් රථ සඳහා ලබා දුන් ලීටර් 30 ඉන්ධන කෝටාව, ලීටර් 40 දක්වා ඉහළ දමා ඇත.

 

වෑන් සඳහා ලබා දුන් ලීටර් 30 ඉන්ධන කෝටාව, ලීටර් 40 දක්වා ඉහළ දමා තිබේ.

 

බස් රථ සඳහා ලබා දුන් ලීටර් 60 ඉන්ධන කෝටාව, ලීටර් 125 දක්වා ඉහළ දමා ඇත.

 

ලොරි රථ සඳහා ලබා දුන් ලීටර් 75 ඉන්ධන කෝටාව, ලීටර් 125 දක්වා ඉහළ දමා තිබේ.

views

802 Views

Comments

arrow-up