අයහපත් කාලගුණය හේතුවෙන් කළුතරට අනතුරු ඇඟවීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

අයහපත් කාලගුණය හේතුවෙන් කළුතරට අනතුරු ඇඟවීමක්

අයහපත් කාලගුණය හේතුවෙන් කළුතරට අනතුරු ඇඟවීමක්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කළුතර දිස්ත්‍රික්කය සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.

 

මේ අතර වර්ෂාව හේතුවෙන් කළු ගගෙහි කුඩා ගඟ උපද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කර ඇති අතර පාලින්දනුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

views

173 Views

Comments

arrow-up