අතුරුගිරියේ ලී මෝලේ ඝාතන සිද්ධියේ සැකකරු අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

අතුරුගිරියේ ලී මෝලේ ඝාතන සිද්ධියේ සැකකරු අල්ලයි

අතුරුගිරියේ ලී මෝලේ ඝාතන සිද්ධියේ සැකකරු අල්ලයි

අතුරුගිරියේ ලී මෝලක් තුළ තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (07) සවස් කාලයේ කොරලවැල්ල ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි කොරලවැල්ල, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී, මියගිය කාන්තාවගේ රුපියල් 450,000 වටිනා රන් මාලය කොල්ලකා උගස් කරන ලද රිසිට්පත හා එම ඝාතනය සිදුකරන අවස්ථාවේ සැකකරු ඇඳ සිටි ඇඳුම් සහ පාවහන් ද පොලිස් භාරයට ගෙන ඇත.

 

සැකකරු අද (08) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

views

257 Views

Comments

arrow-up