වසත් සිරිය එක්ක ආණ්ඩුව ජයටම අවුරුදු කාපු හැටි මෙන්න

"වසත් සිරිය - 2023" සිංහල හා දෙමළ අලුත් අවුරුදු උළෙල කොළඹ ෂැංග්‍රිලා ග්‍රීන් පරිශ්‍රයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් අමාත්‍යාංශ ඇතුළුව රාජ්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් ජනාධිපති කාර්යාලීය සේවක සුබසාධන සංගමය විසින් මෙය සංවිධානය කෙරුණි.
මෙහිදී රාජ්‍ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය යනාදී වශයෙන් අංශ 3 ක් යටතේ තරග ඉසව් රැසක් පැවැත්වූ අතර මේ සඳහා විශාල පිරිසක් ද සහභාගි වී තිබේ.
මෙහි විශේෂත්වය වූයේ ඇමරිකාව, එක්සත් රාජධානිය, ඉන්දියාව, පකිස්ථානය, චීනය, නෙදර්ලන්තය ඇතුළු රටවල් ගණනාවක් නියෝජනය කරමින් පැමිණ සිටි රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ තානාපති කාර්යාල වල සාමාජිකයන් සඳහා ද ඉදිරිපත් විය හැකි තරග ඉසව් බොහෝමයක් සංවිධානය කර තිබීමයි.
181 Views
Comments