මැදියම් රෑ මරදාන රත්කළ කෙසෙල්වත්තේ දිනුකගේ චණ්ඩි

ඊයේ (14) රාත්‍රියේ මරදාන උපරිමාධිකරණය අසල, ලොකෙට් මාවත වෙත කඩු සහ පොලු මුගුරු රැගෙන පැමිණි කිසියම් පිරිසක් නිවාස කිහිපයකට සහ ත්‍රීරෝද රථවලට පහරදී අලාභහානි කොට තිබෙන බව වාර්තා වේ.
මෙම පහරදීමට පැමිණ ඇත්තේ මියගිය "කෙසෙල්වත්තේ දිනුක" නැමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයන් පිරිසක් බව අනාවරණය කොටගෙන ඇති අතර, ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ, ලොකෙට් මාවතේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයෙක් බව ද වාර්තා වේ.
එම පුද්ගලයා පහරදීමට පැමිණි පිරිසෙන් අයෙකුට පෙරලා පහර දී පළාගොස් තිබෙන අතර, පසුව පළාගිය පුද්ගලයා අල්ලාගත් මැර පිරිස ඔහුට දරුණු ලෙස පහරදී තුවාල සිදුකර ඇති බව පොලිසිය පවසයි.
මෙම ගැටුමට මුල් වූ හේතුව මෙතෙක් අනාවරණය කොට ගෙන නොමැති අතර, සිද්ධියට සම්බන්ධ වූ කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවද වාර්තා වේ.
189 Views
Comments