රුවන්වැල්ලේ පාසල් සිසුවෙක් අකුණු සැර වැදී අවාසනාවන්ත ලෙස මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
15

රුවන්වැල්ලේ පාසල් සිසුවෙක් අකුණු සැර වැදී අවාසනාවන්ත ලෙස මරුට

රුවන්වැල්ලේ පාසල් සිසුවෙක් අකුණු සැර වැදී අවාසනාවන්ත ලෙස මරුට

කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (15) දිනයේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග අකුණු සැර වැදීමෙන් පාසල් දරුවෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

 

අකුණු සැර වැදීමෙන් පසු ඔහු අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව වාර්තා වේ.

 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රුවන්වැල්ල, ගෝනගල, මාපිටිගම ප්‍රදේශයේ පදිංචිව සිටි දනුජ බිම්සර නමැති 12 හැවිරිදි දරුවෙක් බව සඳහන් වේ.

 

දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බාලම දරුවා වන දනුජ එම පවුලේ එකම පිරිමි දරුවා වන අතර, ඔහු දිය නෑමට ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටියදී මෙම අනතුරට භාජනය වී ඇති බව වාර්තා වේ.
 

views

172 Views

Comments

arrow-up