ඇඹිලිපිටියේ මාරක රිය අනතුරකින් 15 දෙනෙක් රෝහලේ

ඇඹිලිපිටිය ප‍්‍රදේශයේදී අද සවස 4.00 ට සිදුව ඇති රිය අනතුරකින් පහළොස් දෙනෙකු බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.
තුවාල ලැබූවන් අතර ළමුන් හය දෙනෙක්, කාන්තාවන් පස්දෙනෙක් සහ වැඩිහිටි පිරිමි පුද්ගලයන් හතර දෙනෙක් වේ.
ඇඹිලිපිටිය සිට පැමිණි කැබ් රථයක්, ඇඹිලිපිටිය ගල් වංගුව ප්‍රදේශයේදී උඩවලව සිට පැමිණි වෑන් රථයක ගැටී නැවතත් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව වාර්තා වේ.
ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබයි.
202 Views
Comments