ජොන්ස්ටන්ගේ අල්ලස් නඩුව අද
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

ජොන්ස්ටන්ගේ අල්ලස් නඩුව අද

 ජොන්ස්ටන්ගේ අල්ලස් නඩුව අද

අද (27) කොළඹ මහාධිකරණය විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකර ඇති අල්ලස් නඩුව විභාගයට ගැනීමට නියම කෙරිණි.

 

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අල්ලස් පනත විමර්ශනයේ දී අවශ්‍ය කොමසාරිස්වරුන් තිදෙනාගේම නිර්දේශය ලබාගෙන නොමැති බැවින් මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය වෙනුවෙන් ඉදිරිපත්කර තිබූ මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් මෙම නඩුව විභාගයට ගැනීමට නියමකර තිබේ. ඒ අනුව මැයි මස 10 වනදා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා එම නඩුව යළි කැඳවීමට නියම කෙරිණි.

 

අල්ලස් කොමිසම විසින්  2014 වසරේදී සතොස ආයතනයේ සේවකයන් පිරිසක් නිල රාජකාරීවලින් පරිබාහිරව පුද්ගලික කටයුතුවල යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ දූෂණය නමැති වරද සිදුකළ බවටත්, එමගින් රජයට පාඩු සිදුකළ බවටත්, එවකට වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට සහ සතොස ආයතනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ එරාජ් ප්‍රනාන්දු යන අය ඇතුළු තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකොට තිබේ.

views

205 Views

Comments

arrow-up