එළඹෙන කාර්තුව වන විට ඖෂධ හිඟය පහළ යනු ඇතැයි ඇමති කෙහෙළිය කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

එළඹෙන කාර්තුව වන විට ඖෂධ හිඟය පහළ යනු ඇතැයි ඇමති කෙහෙළිය කියයි

එළඹෙන කාර්තුව වන විට ඖෂධ හිඟය පහළ යනු ඇතැයි ඇමති කෙහෙළිය කියයි

මෙරටට ඖෂධ ගෙන්වූ ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 60 ක පමණ මුදලක් ගෙවීමට තිබෙන හෙයින් ඖෂධ ආනයනයේ දී පැන නැගී තිබෙන ගැටලු මගහරවා ගැනීම සඳහා සැපයුම්කරුවන්ට බැඳුම්කර ලබාදීමට කැබිනට් එකඟතාවය පළකොට තිබෙන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

 

ඖෂධ සැපයුම්කරුවන්ගෙන් 90% ක් පමණ එසේ බැඳුම්කර ලබා ගැනීමට කැමැත්ත පළ කර තිබෙන හෙයින් ලබන කාර්තුව වන විට මෙරට ඖෂධ හිගය 80-90% කින් පමණ පහළ යනු ඇති බව ද ඔහු කියා සිටී.

 

ලියාපදිංචි නොවූ සමාගම් මගින් ඖෂධ ගෙන්වා තිබෙන බවට සුළු පිරිසක් හඬ නගන බවත් එලෙස ගෙන්වන ලද ඖෂධ භාවිතය හේතුවෙන් රෝගීන්ට යම් ගැටලුවක් ඇති වුවහොත් එහි වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය භාර ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.

 

කෙටි සීමාවක් තුළ දී ඖෂධ මෙරටට ගෙන්වා ගැනීම සඳහා මෙම පියවර අනුගමනය කළ බවත් ඇතැමුන් එය විවේචනය කරනු ලබන්නේ දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් මිස ජනතා සුබසෙත ගැන සිතා නොවන බවත් ඔහු පවසයි.

 

ඔහු පැවසුවේ අත්‍යාවශ්‍ය නොවන සැත්කම් සඳහා ලබාදී තිබෙන දින කල් දැමීම මීට පෙර ද රටේ සිදුව තිබෙන බවයි.

 

ඇතැමුන් මෙවැන්නක් රටේ සිදු වූ ප්‍රථම අවස්ථාව මෙය බවට හුවා දැක්වීමට උත්සාහ කරන බවත් ඔහු පෙන්වා දුනි.

 

රෝගීන්ට අවශ්‍ය ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය දේශපාලන වුවමනාවන් මත අවුල් කිරීමේ වැඩ පිළිවෙලක් ඇතැම් වෛද්‍යවරුන් ගේද සහාය ඇතිව ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

 

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (19) මහනුවර දී පැවති මාධ්‍ය හමුවකදීය.

views

248 Views

Comments

arrow-up