FEB
13
පූජ්‍ය ඌරුමුත්තේ සුගතානන්ද හිමියෝ උඩුගුවනේදී අපවත් වෙති

වැල්ලවත්ත සුගත විහාරයේ විහාරාධිපති, අකුරැස්ස එළමල්දෙනිය පුරාණ රජමහා විහාරය සහ වැල්ලවත්ත ජිනානාන්ද ළමා නිවාසයේ නිර්මාතෘ ඌරුමුත්තේ සුගතානන්ද නාහිමියෝ ජපානයේ ධර්මදූත මෙහෙවරක් උදෙසා වැඩම කරවීමේදී ගුවන් යානයේදී ඇති වූ හදිසි අසනීපයක් හේතුවෙන් ගුවන් යානයේදී ම හදිසියේ අපවත් වූහ.
දේහය මැලේසියාවේ රෝහලක තැන්පත් කර තිබෙන අතර දේහය ලංකාවට ඉක්මනින් ගෙන ඒමට විහාරස්ථ දායක සභාව කටයුතු කරමින් සිටී. ආදාහන කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙන බව විහාරස්ථ දායක සභාව සඳහන් කර සිටී.
235 Views
Comments