ඔත්තු දුන්නොත් රේගුවෙන් තෑගි

තහනම් හා සීමා කරන ලද භාණ්ඩ, නියමිත රේගු බදු නොගෙවන ලද භාණ්ඩ, දුර්ලභ ශාක සහ සත්ත්ව කොටස්, නීති විරෝධී මත් ද්‍රව්‍ය, පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති අයිතමයන් ආනයනය සහ අපනයනය යන ඕනෑම රේගු වංචාවක් පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දෙන පුද්ගලයන් හට ත්‍යාග මුදල් පිරිනමන බව ශ්‍රී ලංකා රේගුව පවසා සිටී.
එවැනි වංචා පිළිබඳ තොරතුරු 011-2471471 දුරකථන අංකය ඔස්සේ (පැය 24 පුරා ක්‍රියාත්මක) දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා රේගුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙලෙස තොරතුරු ලබා දෙන සියලුම පුද්ගලයන්ගේ පූර්ණ රහස්‍යභාවය සුරක්ෂිත කරන බවට ශ්‍රී ලංකා රේගුව සහතික වේ.
223 Views
Comments