ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හොර සීල්.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ජල පොම්පාගාර ගොඩනැගිල්ලේ කාමරයක ව්‍යාජ ලිපි ලේඛන සකස් කරන බවට යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී, දිවයිනේ විවිධ ප්‍රදේශ වල රාජ්‍ය නිලධාරීන්ගේ, නීතීඥවරුන්ගේ මෙන්ම කඩවත ප්‍රාදේශීය ලේකම්, අතිරේක රෙජිස්ටාර්, දිස්ත්‍රික් රෙජිස්ටාර්, ඉඩම් රෙජිස්ටාර් හා අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර්, ගාල්ල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගාල්ල අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර්, මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ විදුහල් කීපයක විදුහල්පතිවරුන්ගේ ව්‍යාජ නිල මුද්‍රා හමු වී තිබේ.
ජල පොම්පාගාර කාමරය වටලන අවස්ථාවේදී එහි සිටි සැකකරුවෙක් පලා ගොස් ඇති අතර එම සැකකරු සොයා මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන් වේ.
253 Views
Comments