සියලු වෘත්තීයවේදීන් අනිද්දා කොළඹට.
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
06

සියලු වෘත්තීයවේදීන් අනිද්දා කොළඹට.

සියලු වෘත්තීයවේදීන් අනිද්දා කොළඹට.

අනිද්දා සියලු වෘත්තීයවේදීන් කොළඹදී දැවැන්ත විරෝධතා රැස්වීමක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

 

අද (06) කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සංගමයේ ලේකම් හරිත අලුත්ගේ ප්‍රකාශ කළේ, එදින පුද්ගලික අංශයේ හදිසි ප්‍රතිකාර කටයුතු හැර අනෙකුත් සියලු ප්‍රතිකාර කටයුතු අකර්මණ්‍ය වන බවයි.

 

මේ අතර රජය විසින් පනවා ඇති නව බදු වලට විරෝධය පළකිරීම සදහා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන වල වෘත්තීය සමිති සන්ධානයේ නියෝජකයින් පිරිස කොළඹ රීගල් සිනමා ශාලාව ඉදිරිපිට රැස්වුණා.

 

ඔවුන් පා ගමනින් මුදල් අමාත්‍යාංශයට ගමන් කරන අවස්ථාවේ පොලීසිය සමග උණුසුම් තත්වයක් හටගත්තා.

 

ඔවුන් අතරින් දස දෙනෙකුට මුදල් අමාත්‍යාංශය වෙත ගොස් ලිපියක් භාරදීමට අවස්ථාව ලබා දුන් බව මාධ්‍ය වාර්තා වල සඳහන් වනවා.


 

views

210 Views

Comments

arrow-up