පාතාලයේ 'මන්නා මලින්ද' පොලිසියට කොටු වේ

පාතාල ලෝකයේ 'මන්නා මලින්ද' ලෙස හැඳින්වෙන ඉසුරු නිලන්ත නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු මිනිසුන්ට මන්නා ආයුධ පෙන්වා තර්ජනය කිරීම බියවැද්දීම සහ මරණීය තුවාල ඇති කිරීම ඇතුළු අපරාධ රැසකට අවශ්‍යව සිටි අයෙකි.
ලද තොරතුරකට අනුව කහතුඩුව පොල්ගස්ඕවිට ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගැනුණා.
මොහු ඉන්දියානු අත්අඩංගුවේ පසුවන ලොඩියා නැමැති අපරාධකරුගේ ප්‍රධාන සහායකයෙකු බවයි සැලකෙන්නේ.
643 Views
Comments