නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරයි

නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ඇම්බර් වර්ණයෙන් යුතු අවධානම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව එම නිවේදනයේ දැක් වේ.
මෙලෙස ඇම්බර් වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර, ඇහැළියගොඩ සහ කලවාන ප්‍රදේශවලටය.
මෙලෙස ඇම්බර් වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීමක් කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රදේශයටද සිදුකර තිබේ.
එසේම කහ වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල තවත් ප්‍රදේශ කිහිපයකටද කෑගල්ල, මහනුවර ගාල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ද නිකුත් කර ඇත.
මෙලෙස කහ වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, බද්දේගම සහ ඇල්පිටිය ප්‍රදේශවලටද කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, පාලින්දනුවර, වලල්ලාවිට සහ මතුගම ප්‍රදේශවලට නිකුත් කර ඇත.
මෙලෙස කහ වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන එසේම මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත ප්‍රදේශයට ද කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, දැරණියගල, වරකාපොළ, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල සහ දෙහිඕවිට ප්‍රදේශවලටද සිදුකර තිබේ.
මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ කහ වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීම අයගම, ඇලපාත, කොලොන්න, පැල්මඩුල්ල, කහවත්ත, කිරිඇල්ල, ගොඩකවෙල සහ නිවිතිගල ප්‍රදේශවලට නිකුත් කර ඇත.
මෙම අනතුරු ඇඟවීම අද (07) පස්වරු 4 සිට හෙට (08) පස්වරු 4 දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසයි.
361 Views
Comments