මළසිරුරු තුනක් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ස්ථාන තුනක තිබී සොයා ගනියි

හිමිනමකගේ සහ තවත් පුද්ගලයින් දෙනෙකුගේ මළසිරුරු තුනක් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ස්ථාන තුනක තිබී සොයාගෙන තිබේ.
එක් මළසිරුරක් ගලෙන්බිඳුණුවැව නගරයට ආසන්න කුඹුරු ඉඩමක ගසක එල්ලෙමින් තිබියදී සොයාගත් බව පොලීසිය පවසයි.
පොලීසිය පැවසුවේ ගලෙන්බිඳුණුවැව ඉලුක්වැව ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කළ හිමිනමක් වස පානය කිරීමෙන් අපවත් වී සිටියදී අද උදෑසන හමුවූ බවයි.
කොකාවැව ප්‍රදේශයේ වගා ලිඳක තිබියදී අනෙක් සිරුර හමුවී ඇත.
ගලෙන්බිඳුණුවැව නගරයට ආසන්න කුඹුරු ඉඩමක මියගොස් සිටියදී හමුවූ පුද්ගලයා හුරුළුනිකවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකු බව අනාවරණය වී ඇති බව පොලීසිය සිදුකළ විමර්ශන අනුව හෙළි වී ඇත.
මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර අවුරුදු 09ක් වයසැති දැරියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ සිද්ධියක සැකකරු වන අතර පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිට තිබූ බව අනාවරණය විය.
පොලීසිය පවසන්නේ විහාරස්ථානයේ වස පානය කරමින් අපවත්වී සිටියේ 32 හැවිරිදි හිමිනමක් බවයි.
එම හිමිනම විසින් විහාරස්ථානය ආසන්නයේ වගාකළ ඉඩමක ඉදිකර තිබූ පැල්පතක තිබියදී එම හිමිනමගේ දේහය හමුවී ඇත.
එමෙන්ම වගා ළිඳකට වැටී මියගොස් අත්තේ 51 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි පුද්ගලයෙක් බව සඳහන් වේ.
පොලීසිය පවසන්නේ ඔහුගේ නිවස ආසන්නයේම මෙම වගා ළිඳ පිහිටා ඇති බවයි.
මෙම හිමිනම සහ අනෙක් පුද්ගලයින් දෙදෙනා ඝාතනය කර ඇත් ද නැතිනම් සියදිවි නසාගෙන ඇත්ද යන්න තහවුරු කරගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත දේහයන් යොමුකර තිබෙන බව සඳහන් වේ.
ගලෙන්බිදුණුවැව හා කොකාවැව පොලීසිය මගින් මෙම මරණවලට අදාළ පොලිස් පරීක්ෂණ සිදුකරයි.
212 Views
Comments