හෝටලයක් තුළ කාන්තා මළසිරුරක්

බණ්ඩාරවෙල ප්‍රදේශයේ හෝටලයක තිබී කාන්තා මළසිරුරක් හමුව ඇති අතර එය පහරදීමකින් සහ වස වර්ගයක් පානය කිරීමකින් සිදුව ඇති ඝාතනයක් බවට නිරීක්ෂණය වී ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
වයස අවුරුදු 50ක් වන කැලණිය, ගෝනවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මෙම හෝටලයට පැමිණ ඇති අතර පසුව ඔහු මෙම කාන්තාව හෝටලයට ගෙන්වා ගෙන ඇත.
පසුව එම පුද්ගලයා හදිසියෙන් හෝටලයෙන් පිටව යාමත් සමග ඇතිවූ සැකය මත හෝටලයේ සේවකයන් ඔහු සිටි කාමරය පරීක්ෂා කර බැලීමේ දී එම කාන්තාවගේ සිරුර හමුවී තිබේ.
පොලීසිය විසින් සිදුකළ පරීක්ෂා කිරීමේ දී සැකකරු විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක්ද එම කාමරයේ තිබී හමුව ඇති අතර පළා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
265 Views
Comments