මාස හතක් තුළ විද්වත් වෘත්තිකයින් 9300ක් රටින් යන්න ගිහින්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

මාස හතක් තුළ විද්වත් වෘත්තිකයින් 9300ක් රටින් යන්න ගිහින්

මාස හතක් තුළ විද්වත් වෘත්තිකයින් 9300ක් රටින් යන්න ගිහින්

වසරේ ගතවූ මාස හත තුළ විද්වත් වෘත්තිකයින් 9300 ක් පමණ, රැකියා සඳහා විදේශ ගතව ඇති බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි. 

 

විවිධ වෘත්තිකයින් රට හැරයාම නිසා අපනයන කර්මාන්තද මේ වනවිට බරපතල අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය පෙන්වා දෙයි.

 

2022 මහ බැංකුවේ වාර්ෂික වාර්තාව අනුව රැකියා සඳහා විදේශගත වීම් 2021 වර්ෂයට සාපේක්ෂව154.4 % ක වැඩිවීමකි.  

 

2020 වර්ෂයේ රැකියා සඳහා විදේශගත වී ඇති ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිත වෘත්තිකයින් ගනන 2957 ක් වන අතර පසුගිය වර්ෂයේ එය 14,307 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ගත වූ මාස 7 තුළ එම සංඛ්‍යාව 9300 කි.

 

 

views

286 Views

Comments

arrow-up