වියලි කාලගුණයෙන් කුඩා වැව් රැසක් සිඳී යයි

වියලි කාලගුණයත් සමග දිවයින පුරා කුඩා වැව් 10,000කට ආසන්න සංඛ්‍යාවක් සිඳී ගොස් ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් දිස්ත්‍රික්ක ගණනාවක වී වගාවට හා ගොඩ බෝග වගාවන්ට ජලය සැපයීමේ දුෂ්කරතා මතුව ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
කුරුණෑගල හා අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ ගණනාවක කුඹුරු වගාවට කුඩා වැව් සිඳී යාම හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති අතර ගොඩ භෝග වගාවලට බලපෑම් එල්ල වී ඇත්තේ, කුරුණෑගල, අනුරාධපුර, අම්පාර, මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්ක වලටය.
මෝසම් වැස්ස ප්‍රමාණවත් පරිදි නොලැබීම මෙන්ම උෂ්ණාධික කාලගුණය වැව් වේගයෙන් සිඳී යාමට හේතුව බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
340 Views
Comments