දැඩි පෑවිල්ල නිසා රටපුරා විදුලිය කැපෙයිද

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින නියඟ තත්ත්වය නිසා මෙතෙක් විදුලිය කප්පාදුට අවශ්‍යතාවක් මතුව නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
අම්පාර, හම්බන්තොට, මොණරාගල, අනුරාධපුරය, කුරුණෑගල ආදී ප්‍රදේශ කිහිපයකට මේ වනවිට දැඩි වියළි කාලගුණයක් පවතින අතර ජල බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම් සීග්‍රයෙන් පහළ බහිමින් පවති.
පවතින නියගයෙන් දැනට බරපතල බලපෑමක් සිදුවී නොමැති බවත්, සැලසුම් කළ පරිදි විදුලි උත්පාදන කටයුතු සිදුකෙරෙන බවත් ලංවිම සභාපති නලින්ද ඉලංගකෝන් කියාසිටි.
නියං සමය දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති බැවින්, මෙම තත්ත්වය විශ්ලේෂණය කර ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම ගැටලුවක් විසඳීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පවසයි.
367 Views
Comments