ව්‍යාජ ලෙස දත්ත වෙනස් කර වාහන 400ක් විකුණලා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

ව්‍යාජ ලෙස දත්ත වෙනස් කර වාහන 400ක් විකුණලා

ව්‍යාජ ලෙස දත්ත වෙනස් කර වාහන 400ක් විකුණලා

වලාන දූෂණ මර්දන ඒකකය භාරයට ගත් සැකකාර මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරය භාර නිලධාරියා රඳවාගෙන ප්‍රශ්න කර ගෙන යන බව එම ඒකකයේ නිලධාරියෙක් කියා සිටියේය.

 

 

ව්‍යාජ දත්ත ඉදිරිපත් කර ලියාපදිංචි කරන ලද රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමෙන් යුත් සුඛෝපභෝගී ජිප් රථයක්ද සිය භාරයට ගෙන තිබේ.

 

 

මෙම ජාවාරමට මෝටර් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තවත් පිරිසක් සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති අතර එම පිරිස් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ.

 

 

නීති විරෝධී අන්දමින් මෙරටට ගෙන්වා සඟවාගෙන සිටින අධික වටිනාකමෙන් යුත් අති සුඛෝපභෝගී වාහනවල දත්ත වෙනස් කර ඒවාට ව්‍යාජ දත්ත ඇතුළත් කර එම වාහන අධික මිලකට අලෙවි කිරීමේ ජාවාරම මෙම සංවිධානාත්මක කල්ලිය විසින් කලක සිට කරගෙන ගොස් ඇත.

 

 

මෙහි මහ මොළකරු කඩවත ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු මේ වන විට වාහන ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාරගත කර සිටියි.

 

 

මෙම ජාවාරමට සම්බන්ධ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරය භාර නිලධාරියා දීර්ඝ කාලයක් තිස්සේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවය කරන අතර වසර ගණනක් වැඩ තහනමට ද ලක්ව සිටි අයෙකි.

views

333 Views

Comments

arrow-up