තංගල්ල හා බෙලිඅත්තට පානීය ජලය සැපයීමේ බාධා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

තංගල්ල හා බෙලිඅත්තට පානීය ජලය සැපයීමේ බාධා

තංගල්ල හා බෙලිඅත්තට පානීය ජලය සැපයීමේ බාධා

තංගල්ල හා බෙලිඅත්ත යන ප්‍රදේශවලට පානීය ජලය සැපයීමට බාධා වී ඇති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

එයට හේතුව වී ඇත්තේ කිරම ඔය නලගම ප්‍රදේශයේ ඇති ඉන්ටේක් පොම්පාගාරයට ජලය ලබා ගැනීම දුෂ්කර තත්ත්වයක පැවතීමයි.

 

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකරී අනෝජා කලුආරච්චි මහත්මිය පැවසුවේ, පොම්පාගාරයට ජලය සපයන මීටර් 500ක් ඉහළින් ඇති මහාමුණ ප්‍රදේශයෙන් ලැබෙන ජලයට පුද්ගලයින් විසින් බාධා ඇති කිරීම මෙයට හේතු වී ඇති බවයි.

 

මේ හේතුවෙන් තංගල්ල ප්‍රදේශයට ජලය සැපයීම සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර එම ප්‍රදේශයට බවුසර් මගින් පමණක් ජලය සැපයීම සිදු කරන බවත් ඒ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

views

236 Views

Comments

arrow-up