AUG
25
කටුනායක ගුවන්තොටුපොළට නව මගී පර්යන්තයක්

කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් මගී තදබදය අවම කිරීමට පෙර සවි පර්යන්තයක් ඉදිකිරීමට තීරණය කර ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම පවසයි.
මේ දිනවල 25,000කට ආසන්න ගුවන් මගීන් සංඛ්‍යාවක් ගුවන්තොටුපොළෙන් පිටව ගොස් සහ පැමිණ තිබේ.
මගී තදබදයට විසඳුමක් ලෙස ඉදිවෙන දෙවැනි පර්යන්තයේ ඉදිකිරීම් මේ වනවිට සිදු වන අතර එතෙක් විසඳුමක් ලෙස මෙම පෙර සවි පර්යන්තය ඉඳිකිරීමට ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම තීරණය කර තිබේ.
ඉඳිකිරීම් සඳහා සැලසුම් සකසා ඇති අතර මාස 6ක් තුළ මෙම ඉඳිකිරීම් අවසන් කිරීමට නියමිතයි.
221 Views
Comments