ඇසළ පෙරහැර සාර්ථකව සිදුවූ බවට සංදේශය ජනපතිට බාර දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
31

ඇසළ පෙරහැර සාර්ථකව සිදුවූ බවට සංදේශය ජනපතිට බාර දෙයි

ඇසළ පෙරහැර සාර්ථකව සිදුවූ බවට සංදේශය ජනපතිට බාර දෙයි

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසන්නේ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සහ අනෙකුත් සංස්කෘතික පෙරහැර මංගල්‍යයන්වල දී නොයෙක් සංවිධාන විරෝධතා මතුකරන බවයි.

 

 

ඔහු මේ බව පැවසුවේ දියවඩන නිලමේ ප්‍රමුඛ බස්නායක නිලමේවරුන් මහනුවර ජනාධිපති මන්දිරයට ගොස් පෙරහැර සාර්ථකව සිදුවූ බවට වූ සංදේශය ජනපතිට භාරදීමෙන් අනතුරව වේ.

 

 

 

වැඩිදුරටත් අදහස් දැක් වූ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා,

 

"තම පෞද්ගලික අභිමතාර්ථ සාධනය කරගැනීමට ප්‍රයත්න දරන්නන් විසින් උත්තම ශ්‍රී දළදා වහන්සේට හා ශ්‍රී දළදා මාළිගාවටත් උභය මහා විහාරයටත් ඉතා ද්වේශ සහගත අයුරින් සමාජ මාධ්‍යයන් ඔස්සේ හා වෙනත් විවිධ ආකාරයෙන් වරින් වර එල්ල කරනු ලබන ඊර්ෂ්‍යා සහගත නින්දා අපවාද අපමණය. රටම දන්නා කරුණක් තමයි ලෝකයේ විවිධ සත්ත්ව හිංසා හමුවේ නිහඬතාවය රකින රාජ්‍ය නොවන සංවිධාන පෙරහැරට විරෝධය පළ කරන බව."

 

 

 

 

 

views

248 Views

Comments

arrow-up