දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරු ප්‍රමාණය ඉහළ යයි

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම වසරේ පළමු මාස තුන තුළ දී පමණක් දුම්රිය හරස් මාර්ගවල දී අනතුරු 53ක් සිදුව ඇති බවයි.
ඉන් පුද්ගලයන් සිව්දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.
තොරතුරු වාර්තා වන්නේ මේ වන විටත් දුම්රිය හරස් මාර්ග 289ක් තවදුරටත් අනාරක්ෂිත තත්ත්වයේ පවතින බවයි.
දුම්රිය හරස් මාර්ග 1,362ක් දිවයින පුරා පවතින අතර, ඉන් පෞද්ගලික අංශයේ පාලනයට යටතේ 185ක් ක්‍රියාත්මක වේ.
සම්පූර්ණ ආරක්ෂිත තත්ත්වයේ තවත් දුම්රිය හරස් මාර්ග 300ක් පවතින අතර, සීනු සහ විදුලි පද්ධති මගින් ආවරණය කෙරෙන හරස් මාර්ග ගණන 438කි.
ඉන් 277ක්ම පිහිටා ඇත්තේ, කිලෝමීටර් 183ක දිගකින් යුතු මුහුදු දුම්රිය මාර්ගය ආශ්‍රිතව පවතින බවයි.
දුම්රිය හරස් මාර්ග 289ක් පමණ ආරක්ෂා කළ යුතු මට්ටමේ අනාරක්ෂිත දුම්රිය මාර්ග ලෙස හඳුනාගෙන ඇති බව සඳහන් වේ.
297 Views
Comments