AUG
24
පළමු විදුලි මිලදී ගැනීම මාතරින්

පෞද්ගලික විදුලි මිලදී ගැනීම් යටතේ පළමු මිලදී ගැනීම මාතර ACE බලාගාරයෙන් ලබා ගෙන ඇත.
මෙගාවොට් 23 ක ධාරිතාවක් ඒ අනුව මින් ගැනෙන අතර මාස 6 ක කාල සීමාවක් සදහා මෙම මිලදී ගැනීම කොන්දේසි අනුව සිදු කළ හැකිය.
පවතින වියළි අධික කාලගුණය හේතුවෙන් රජයේ තීරණයකට අනුව මෙම මිලදී ගැනීම සිදු කොට ඇති අතර මේ වන විට මින් ලබා ගන්නා විදුලිය ජාතික පද්ධතිය වෙත එක් කොට තිබේ.
278 Views
Comments