චන්ද්‍ර කක්ෂයට ළඟා වූ ලූනා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
17

චන්ද්‍ර කක්ෂයට ළඟා වූ ලූනා

චන්ද්‍ර කක්ෂයට ළඟා වූ ලූනා

චන්ද්‍ර කක්ෂයට රුසියාවට අයත් ලූනා 25 අභ්‍යවකාශ ගවේෂණ යානය ළඟා වී තිබෙනවා.

 

 

ලූනා 25 යානය  පසුගිය 10 වනදායි පෘතුවියේ සිට චන්ද්‍රයා දෙසට ගමන් ආරම්භ කළේ.

 

 

ඊයේ දහවල් 12.03ට රුසියා වේලාවෙන් එය චන්ද්‍ර කක්ෂයට ඇතුලු වුණා.

 

 

එය අගෝස්තු 21ක් වනදා චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ පිහිටි බොගුස්ලාව්ස්කි ආවටයට උතුරින් ගොඩබෑමට නියමිතයි.

 

 

සඳ වෙත මෙසේ රුසියා යානයක් ගොඩබැස්වීම සිදු වන්නේ වසර 50කට පසුවයි.

 

 

මේ අතර මෙම මස අග දී ඉන්දියාව අභ්‍යවකාශ ගත කළ චන්ද්‍රයාන් 3 යානය ද සඳ ස්පර්ශ කරනු ඇති.

 

 

රුසියාව 2040 වසර වන විට සඳ මත අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පිහිටුවීම අපේක්ෂාව වෙයි.

 

 

views

300 Views

Comments

arrow-up