වික්ටෝරියාවෙන් රතු නිවේදන

වික්ටෝරියා බලාගාරයේ ඉහළ නිලධාරියකු සඳහන් කළේ බලපා ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ වික්ටෝරියා ජලාශය විදුලිය නිෂ්පාදනයට උපරිම ධාරිතාවෙන් යොදාගතහොත් එහි උත්පාදන හැකියාව දින 30කට පමණක් ප්‍රමාණවත් වන බවයි.
මුහුදු මට්ටමේ සිට මීටර් 438ක් බව වික්ටෝරියා ජලාශයේ උපරිම ජල මට්ටමේ උස වාර්තා වේ.
ජලාශයේ උපරිම ජල මට්ටම මේ වන විට පවතින්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 409.7ක මට්ටමකය.
ජලාශයේ ජල ධාරිතාව ද පහළ ගොස් ඇත.
උපරිම ජල මට්ටමේ උස මුහුදු මට්ටමේ සිට මීටර් 380ට ඉහළින් පවතින විට පමණක් එම ජලාශයෙන් විදුලිය නිපදවිය හැක.
ගිගාවොට් පැය 06ක් හෝ 08 ක් අතර විදුලිය උපරිම ජල ධාරිතාවක් පවතින අවස්ථාවක නිෂ්පාදනය කළ හැකි අතර, ඊට ජලය ඝණ මීටර් මිලියන 13ක් 14ක් අතර ප්‍රමාණයක් ජලාශයෙන් මුදා හැරේ.
ගිගාවොට් පැය 01කටත් වඩා අඩුවෙන් පසුගිය දිනවල විදුලි නිෂ්පාදනය සඳහා ජලය මුදාහැරුණ ලදී.
නොරොච්චෝලේ බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රයක් බිඳැවැටීමත් සමඟ එම අඩුව පිරවීම සඳහා ඊයේ (09) දින සිට ජලාශයෙන් විදුලිය ගිගාවොට් පැය 2.5ක් නිෂ්පාදනය සඳහා ජලය ඝණ මීටර් මිලියන 6.5ක් මුදා හරිනු ලැබේ.
234 Views
Comments