අමාරුවෙන් ගත්තු ණය වලිනුත් හොරා කාලා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

අමාරුවෙන් ගත්තු ණය වලිනුත් හොරා කාලා

අමාරුවෙන් ගත්තු ණය වලිනුත් හොරා කාලා

සංවර්ධන ව්‍යාපෘති සඳහා ගත් ණය මුදලින් කෝටි ලක්ෂ හයක් අතුරුදහන්ව ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසයි. ඔහු පැවසූ අදහස් පහතින්...



“පසුගියදා විගණකාධිපතිතුමා ආණ්ඩුවේ ගිණුම් විමර්ශනය කරලා කිව්වා පසුගිය කාලයේ අපේ රටේ ව්‍යාපෘතිවලට කෝටි ලක්ෂ අටක් ණය අරගෙන තිබෙනවා කියලා. පාලම්, බෝක්කු, වරායවල්, පිට්ටනි හදන්න ව්‍යාපෘති ණය අරගෙන තිබෙන්නේ. විගණන දෙපාර්තමේන්තුව පරීක්ෂා කර බැලුවම හදලා තිබෙන ව්‍යාපෘතිවල වටිනාකම කෝටි ලක්ෂ දෙකයි. ඉතිරි කෝටි ලක්ෂ හයට සිද්ධ වුණේ මොකක්ද. 2015 ඉඳන් ඉතුරු ඒවට මොකද වුණේ කියල හොයනවා කියලා විගණකාධිපතිවරයා කියනවා.



ඒ නැතිවෙලා තියෙන සල්ලි ඒවා ව්‍යාපෘතිවල හොයලා වැඩක් නැහැ. ඒවා හොයන්න තිබුණේ එක්කෝ මැදමුලන වලව්වේ, නැත්තං රවි කරුණානායකගේ ගෙදර, එහෙමත් නැත්නං රනිල් වික්‍රමසිංහගේ ගජ මිතුරන් ගාව.



මේ සිද්ධ වෙලා තියෙන්නේ මහජනයා උගස් තියලා, රට උගස් තියලා ගත්ත ණයෙන් සීයයට 25 ක ව්‍යාපෘති හදලා තියෙනවා. එතකොට ඉතුරු සීයයට 75 ට මොකද වුණේ. ඒ සීයයට 75 ම ගහලා. එහෙම කරපු පාලකයෝ ඉන්න රටක් බංකොලොත් නොවී තියෙයිද. රට බංකොලොත් වෙන්න හේතුව තමයි මේ සිදුවෙලා තිබෙන්නේ."

views

247 Views

Comments

arrow-up