JUL
28
ආනයනික බිත්තර තවත් දිස්ත්‍රික්ක දෙකකට

ආනයනික බිත්තර තොග මේ වනවිට බස්නාහිර පළාත, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වල සියලු සතොස වෙළදසැල් වෙත බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පවසයි.
ඉල්ලුම ඉහළයෑම හේතුවෙන් ඊයේ (27) දිනයේ බස්නාහිර පළාතේ සතොස අලෙවිසැල්වලට යොමුකළ සියලු ආනයනික බිත්තර තොග අවසන් වී ඇති අතර ඒ අනුව ඊයේ රාත්‍රියේ නව තොග බෙදාහැරීමට අවශ්‍ය පියවර ගත් බව සතොස සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
209 Views
Comments