නායයාමෙන් මියගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට

වාර්තා වන්නේ ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ නායයාමෙන් මියගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.
පසුගිය සඳුදා අධික මෝසම් වැසි හේතුවෙන් හිමාචල් ප්‍රදේශ් හි හිමාල කලාපයේ සිදු වූ නායයාමකින් පනස්දෙනෙකු මියගොස් තිබුණා.
තවත් විසිදෙනෙකුගේ සිරුරු පසුව සොයා ගැනුණා.
එම ප්‍රදේශවලට ඉන්දීය කාලගුණ අංශ රතු නිවේදන නිකුත් කර තිබූ අතර කදුකර කලාපයකුයි නායයාමට ලක්වුණේ.
වාර්තා වන්නේ හිමාචල් හා උත්තරාකන්ද් ප්‍රාන්තවලට මිලිමීටර් 273 ක හා 419 ක වැසි ලැබුණු බවයි.
තවදුරටත් එම ප්‍රාන්තවල පාසල් හා රජයේ කාර්යාල වසා දමා තිබෙනවා.
270 Views
Comments