හෙට හෙද නිලධාරීන්ගේ වැඩ වර්ජනයක්

හෙට (11) පෙරවරු 7.00 සිට එක් දින වැඩ වර්ජනයක් කළුතර දිස්ත්‍රික්කයේ රෝහල්වල රජයේ හෙද කාර්යමණ්ඩලය ක්‍රියාත්මක කරන බව හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.
එයට හේතුව වන්නේ බදුරලිය ප්‍රාදේශීය රෝහලේ සේවය කරන හෙද සොහොයුරියක පදනම් විරහිත චෝදනා ගොනු කරමින් අසාධාරණ ලෙස පිඹුර රෝහල වෙත මාරු කර ඇති බව සඳහන් වීම වේ.
හෙද නිලධාරීන්ගේ සංගමය කියන්නේ අදාල අසාධාරණ ක්‍රියාව සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කළ ද පිළිගත හැකි සාධාරණ විසඳුමක් ලබාදීමට මේ දක්වා කටයුතු කර නැති බවයි.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ලේකම් අජිත් රත්නායක පැවසුවේ මෙම වර්ජන කාලය ඇතුළතදී හදිසි සහ අත්‍යවශ්‍ය සේවා ස්වේච්ඡා පදනමින් පවත්වාගෙන යාමට කටයුතු කරන අතර පානදුර කේතුමතී රෝහල වර්ජන ක්‍රියාමාර්ගයකට එකතු කර නොගන්නා බවයි.
234 Views
Comments